ලබන 30වැනිදාට පෙර ගිනි අවි දෙන්න – ආරක්ෂක අමාත්‍යාංශය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නිලධාරීන්ට විවිධ කාලවකවානුවලදී නිකුත් කෙරුණු ගිනිඅවිද ලබන මස 30 වැනිදාට පෙර ළඟම ඇති පොලිසිවලට බාර දෙන ලෙස ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී ඇත.

ඒ අයගේ ජීවිත ආරක්ෂාව සදහා ශ්‍රී ලංකා පොලිසියෙන් හා යුද හමුදාවෙන් නිකුත් කර තිබු පිස්තෝල, රිවෝල්වර් හා පතොරම් තුවක්කු සැලකිය යුතු ප්‍රමාණයක් ඇති බව අමාත්‍යාංශයට තොරතුරු අනාවරණය වී ඇත. අමාත්‍යාංශය මෙම දැනුම්දීම කර ඇත්තේ ඉන් අනතුරුවය.

පසුගිය කාලයේදී ගිනි අවි නිකුත් කෙරුණු පුද්ගලයන්ගේ ලයිස්තුව දැනටමත් ලබාගෙන ඇතැයි වාර්තාවේ.

එම වාර්තා පරීක්ෂා කරමින් ගිනි අවි භාර ගැනීමට පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *