ලබන සතියේ රාජ්‍ය විරෝධී දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වෙයි.

දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව නොවැම්බර් 2 බදාදා කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගය (SJB), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP), පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP), ලංකා ගුරු සංගමය (CTU), අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය (IUSF) සහ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (YJASL) සහභාගී වීමට නියමිතය.

එම කණ්ඩායම්වල නියෝජිතයින් විසින් රජය විසින් සිදුකරන ලදැයි කියන මර්දනයට එරෙහිව ඒකාබද්ධ ප්‍රකාශයකට කොළඹ 25දී අත්සන් තැබීය.

SJB පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, සමගි වනිතා බලවේගය (SVB) ජාතික සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ශ්‍රීලනිප ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ, පෙසප අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, පෙසප දුමින්ද නාගමුව, CTU ප්‍රධාන ලේකම් ස්ටාලින්, අවිශිබම වැඩබලන කැඳවුම්කරු ඒ ජෝසප් රොහන්ද්‍රිගෝ, සිවිල් සංවිධාන ක්‍රියාකාරික ටෙරන්ස් රොහන්ද්‍රිගෝ , සහ YJASL ලේකම් එම්.එෆ්.එම්. ෆසීර් ද ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් කළ අය අතර වෙති.

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රජය එළවා දැමීමේ පළමු පියවර” ලෙස ලබන සතියේ පැවැත්වෙන මහජන විරෝධතාව සංවිධානය කරන බව විවිධ කණ්ඩායම්වල සහ දේශපාලන පක්ෂවල නියෝජිතයින් ප්‍රකාශ කරයි.

පස්වරු 3 ට කොළඹ 10 එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වන මෙම මහජන විරෝධතා පාගමනක් ආකාරයෙන් පැවැත්වීමට නියමිතයි. සහ කොළඹ දෙසට ගමන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *