ලබන මාසයේ පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සමක්

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනු කර තිබේ.

උසස් පෙළ විභාගය සති 20කින් කල් දමන ලෙස ඉල්ලා මහජන අවශ්‍යතා ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු විසින් අභියාචනාධිකරණයට මෙම පෙත්සම ගොනු කර තිබේ.

2021 උසස් පෙළ විභාගය 2022 පෙබරවාරි 07 වැනි දින ආරම්භ වීමට නියමිතයි. මීට පෙර අවස්ථා දෙකකදී ද කොරෝනා වසංගතය හේතුවෙන් විභාගය කල් දැමිණි.

මෙම පෙත්සම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොඩිතුවක්කු කියා සිටියේ විභාගය පැවැත්වීමෙන් දරුවන්ට අසාධාරණයක් වන බැවින් තමන් මෙම පෙත්සම ගොනු කළ බවයි.

පසුගිය වසරේ පමණක් පාසල් සිසුන්ට සිදු වූ ඉගෙනීමේ පාඩුව සම්බන්ධයෙන් විසඳුම් ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කර ඇති බව ඔහු පැවසීය.

දරුවන්ට තමන් ඉගෙන ගන්නා දේ රඳවා ගැනීමට නොහැකි වී ඇති අතර, එය පසුගිය වසරේ පමණක් 90% කින් ඉගෙනීමේ පාඩුවකට හේතු වී ඇති බව ඔහු අනාවරණය කළේය.

විභාගය කල් දමන ලෙස කළ ඉල්ලීම ඔවුන් නොසලකා හැර ඇති බව පැවසූ කොඩිතුවක්කු කියා සිටියේ තමාට පොරොන්දු වූ පරිදි ඒ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීමට ද අමාත්‍යවරයා අපොහොසත් වූ බවයි.

විභාග ආතතිය හේතුවෙන් ලබාගත් ඖෂධ සඳහා සිසුන් කිහිප දෙනෙකු වෛද්‍ය සහතික එවන බවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද වාර්තා කර ඇති බව නාගානන්ද කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් පැවසීය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාගය හේතුවෙන් සිසුන් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බව පවසමින් වෛද්‍යවරුන් කිහිප දෙනෙකු ද එවැනි වෛද්‍ය වාර්තා තමා වෙත එවා ඇති බවද ඔහු සඳහන් කළේය.

අධිකරණයට කරුණු දැක්වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව පෙන්වා දුන් කොඩිතුවක්කු මහතා නඩුව ලබන සඳුදා හෝ අඟහරුවාදා වන විට විභාගයට ගන්නා බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *