ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පත ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මෙම පනත් කෙටුම්පත ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඔහු පැවසීය.
එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ගල් අඟුරු බලාගාර ඉදි නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවද අමාත්‍යවරයා සභාවට දැනුම් දුන්නා.
“සාම්පූර්හි ගල් අඟුරු බලාගාරයක් පිහිටුවීමට කලින් සැලසුම් කර තිබුණත් එය වෙනුවට සූර්ය බලාගාරයක් ඉදිකරනවා” යැයිද ඔහු පැවසීය.