ලංකා සතොස නඩුව සම්බන්ධයෙන් ජොන්ස්ටන්ට අධි චෝදනා…

රජයට අයත් ලංකා සතොසට අදාළ අල්ලස් නඩුවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් අද අධිචෝදනා භාර දෙනු ලැබුවා.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සමූපකාර තොග ආයතනයේ (CWE) හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් රාජ් මොහිදීන් මොහොමඩ් සකීර් යන අයට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් දූෂණ චෝදනා ගොනු කර තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට රුපියල් කෝටියකට ආසන්න අනවසර අලාභයක් සිදු කළ බවට චෝදනා එල්ල වී තිබේ. 2010 – 2014 මැතිවරණ කටයුතු සඳහා ලංකා සතොස සේවකයන් 153ක් යොදවා රජයට රුපියල් මිලියන 40ක්.

පළමු විත්තිකරු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2011 වසරේ මැතිවරණ කටයුතු සඳහා නීති විරෝධී ලෙස සතොස සේවකයන් යොදවා ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව වෙන වෙනම නඩු පහක් පවරා තිබුණි.

අද පැවති නඩු විභාගයේදී විත්තියේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ අධිචෝදනා පත්‍රයට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ල මහතා නඩුව නොවැම්බර් 1 වැනි දිනට කැඳවීමට නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *