මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ විසින් ශ්රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් කර ඇති නිර්දේශවලට රුසියාව, චීනය, කියුබාව යන රටවල් එරෙහි වී ඇති බවට වාර්තා වේ.
මෙම සම්බාධක පැනවීම සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය තුළ ඡන්ද විමසීමක්ද පැවැත්වේ.
මානවහිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග පැවසූවේ කොමසාරිස්වරිය ශ්රී ලංකාවට යොමු කර ඇති නිර්දේශ ඉටු කිරීමට ශ්රී ලංකාවට බැඳී නැති බවයි. එමෙන්ම ශ්රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත යොමු කළහොත් ඊට එරෙහිව නිශේධ බලය යෙදවීමටද රුසියාව හා චීනය එකග වී තිබේ.