Monday, 16 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ලංකාවට උදව් කළ හැටි ඉන්දියාව මතක් කරයි

Indian External Affairs Minister Dr. S. Jaishankar
Indian External Affairs Minister Dr. S. Jaishankar
බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ඔක්තෝබරයේදී පැවැත්වෙන ඉන්දීය සාගරයේ වටද්දර රටවල සංවිධානයේ සමුළුවට සහභාගිවීම සඳහා තමන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පවසයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා,

“ලබන මස ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානය හෙවත් IORA සමුළුව පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේ පැවත්වෙන එම සමුළුව සඳහා මම එක්වනවා. එහිදී ඉන්දියානු – පැසිෆික් සාගර කලාපයේ ආරක්ෂාව සහ සාගර කලාපය සුරක්ෂා කිරීම ගැන අවධානය යොමු කරනවා.”

මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන්ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අදහස් පළ කළේය.

“අපි දුටුවා පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථීකය සම්පූර්ණයෙන්ම බිඳ වැටී යන ආකාරය. මේ සම්බන්ධයෙන් අපට ඉදිරියට පැමිණිමට සිදුවුණා. ඒ වගේම ඔවුන් ජාත්‍යන්තර අරමුදල සමග සිදුකරන සාකච්ඡාවලදී ඊට මැදිහත්වන්නත්. එහිදී අප විසින් මෙතෙක් සිදුකර ඇති විශාලතම ද්විපාර්ශ්වික ණය ප්‍රමාණය ලබාදීමද සිදුකරනු ලැබුවා. එහිදී ඔවුන්ගේ ආර්ථීකය ස්ථාවර කිරීම උදෙසා ඩොලර් බිලියන 4ක පැකේජයක් ලබාදීමට අප කටයුතු කළා.”

ඔබේ අදහස