ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ මහතා පවසා සිටින්නේ කරුණු කිහිපයක් හේතුවෙන් එම තනතුරෙන් තමා ඉල්ලා අස්වූ බවයි.
මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ඉල්ලා අස් වුවත් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂධූරයේ තවදුරටත් කටයුතු කරන බවයි ඒ මහතා වැඩි දුරටත් පවසා සිටින්නේ. 2017 වසරේ ජූලි මස 01 වනදා සිට ඔහු රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළේය.