පසුගිය සැප්තැම්බර් 20 වැනිදා අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදියාගේ බිරිඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික රූපවාහිනි නාලිකාවක මාධ්‍යවේදියෙකු ඇතුළු සිව් දෙනෙකු පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.
අවිස්සාවේල්ල, ඉහළ තල්දූව, ගුරුපස්ගොඩ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට ආයුධ සන්නද්ධ තුවක්කුකරුවෙකු එල්ල කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙම මාධ්‍යවේදියා අපරාධකරු මන්නා රමේෂ්ට තොරතුරු බෙදා දීමෙන් සහය වූ බවට සැක කෙරේ.
මීගොඩ පිහිටි ඔහුගේ නිවසේදී මාධ්‍යවේදියා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පසුගිය දින කිහිපය තුළ ඔහු මන්නා රමේෂ් වෙත දුරකථන ඇමතුම් කිහිපයක් ලබාදී ඇති බව ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී අනාවරණය විය.
ඇය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ සැප්තැම්බර් 24 වැනිදා සිය සැමියා හදිසියේ අතුරුදන් වූ බවයි.
මාධ්‍යවේදී හේමන්ත ලියනපතිරණ මහතාගේ බිරිඳද අතුරුදන්වීම සම්බන්ධයෙන් මීගොඩ පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
තම ස්වාමිපුරුෂයා අවිස්සාවේල්ල පොලිසිය විසින් රඳවාගෙන සිටින බවට මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ ඇය, ඔහුට නීතිමය සහය ලබාදීමට තම නීතීඥයින්ට අවස්ථාවක් නොදුන් බවත්, රැඳවුම් නියෝග ලබා ගැනීම සඳහා අධිකරණයට ඉදිරිපත් කළ බවත් චෝදනා කළාය.
ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිසිය ඔහුගේ පවුලේ සාමාජිකයන්ට දැනුම් නොදුන් නමුත් ඒ පිළිබඳ තොරතුරු මාධ්‍ය වෙත ලබා දුන් බවටද ඇය චෝදනා කළාය.
අදාළ පැමිණිල්ලේ සඳහන් කර ඇති මාධ්‍යවේදියාගේ බිරිඳ තම සැමියා නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන ඇති බවත්, මෙම ක්‍රියාවට සම්බන්ධ බවට චෝදනා එල්ල වන පොලිස් විශේෂ කාර්ය බළකායේ අදාළ නිලධාරීන්ට එරෙහිව නිසි පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.