රුහුණු සරසවියේ සිදුවන අමානුෂික ආකාරයේ නවක වදය සම්බන්ධයෙන් එහි නවක සිසුවෙක් ඊයේ(30) මාධ්‍ය හමුවේ කරුණු අනාවරණය කළ අතර මේ වනවිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.
අදාළ සිසුවා හෙළි කළ කරුණු අනුව නවක වදය දෙමින් ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් ඔහු නිරුවත් කරනු ලැබ ඇති අතර ලිංගික හිංසනද සිදුකර ඇත. මේ හේතුවෙන් එම සිසුවා රෝගී තත්ත්වයටද පත්ව ඇති බව අනාවරණය කෙරිණි. ඔහුට මෙන්ම තවත් නවක සිසුන්ට මෙවැනි පිළිකුල් සහ අමානුෂික ආකාරයේ නවක වදයන්ට ලක්වීමට සිදුවන බව පෙන්වා දුන් එම සිසුවා මේ සම්බන්ධයෙන් උපකුලපතිවරයාට පවා පැමිණිලි කළද ඊට එරෙහිව පියවරක් ගෙන නොමැති බව කියා සිටියේය.
අදාළ සිසුවාට සිදුවූ වදදීම දරාගත නොහැකිවූ ඔහුගේ මව මියගොස් ඇතැයි ද ඔහු අනාවරණය කර සිටි අතර සරසවි තුළ නවක වදය නීතියෙන් තහනම් කර තිබියදී මෙවැනි ආකාරයේ සිදුවීම් වළක්වා ගැනීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පියවර නොගෙන සිටීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල සිසුන්ගේ මෙන්ම දෙමාපියන්ගේ ද දැඩි අප්‍රසාදය පළවී ඇත.