රුසියාවෙන් ඉන්ධන : හිටපු බලශක්ති ඇමතිගෙන් ප්‍රකාශයක්.

තමන් බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ රුසියාවෙන් ඉන්ධන මිලදී නොගත්තේ මන්දැයි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

පවතින ඉන්ධන අර්බුදය විසඳීම සඳහා රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට උත්සාහ නොකරන්නේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා බදාදා (22) පාර්ලිමේන්තුවේදී විමසා තිබුණා.

ඊට ප්‍රතිචාර දක්වමින් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා හිටපු බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇති අතර ඔහුගේ පාලන සමයේදී රුසියාවෙන් ඉන්ධන මිලදී ගෙන නොමැති බවයි.

එම ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් ගම්මන්පිල මන්ත්‍රීවරයා කියා සිටියේ යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් 2022 පෙබරවාරි 26 වන දින යුරෝපීය රටවල් විසින් රුසියාවට සීමිත වෙළඳ තහනමක් පැනවූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස යුරෝපීය වෙළඳපල අහිමි වීමෙන් පසු රුසියාව ආසියානු රටවලට ඉන්ධන විකිණීම විවෘත කළ බවත්ය.

රුසියාවට වෙළඳ තහනම පනවා දින පහකට පසු එනම් 2022 මාර්තු 3 වන දින ජනාධිපතිවරයා විසින් තමා බලශක්ති අමාත්‍යාංශයෙන් ඉවත් කළ බව ඔහු පැවසීය.

ගම්මන්පිල මන්ත්‍රීවරයා කියා සිටියේ තම පාලන කාලය තුළ රුසියාවෙන් අඩු මුදලට ඉන්ධන මිලදී ගැනීමට තමන්ට අවස්ථාවක් නොලැබුණු බවයි.

2021 ජූලි මාසයේදී ඉන්ධන අර්බුදයක් ගැන විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අනතුරු ඇඟවූ බව සඳහන් කළ ඔහු ඉන්දියාවෙන් සහ චීනයෙන් ලබා ගත් ණය නිසා ඉන්ධන අර්බුදය මාස 08 කින් ප්‍රමාද වූ බව පැවසීය.

රුසියාවෙන් ලැබෙන ඉන්ධන මිල සාධාරණ වුවත් ශ්‍රී ලංකාවෙන් ඉන්ධන මිලදී ගැනීමට මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද ගම්මන්පිල මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *