රුසියාවට ගුවන් තැපැල් ලිපි ‍යැවීම අත්හිටුවයි: තැපැල් දෙපාර්තමේන්තුව

රුසියාව වෙත ගුවන් තැපැල් ලිපි භාර ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

රුසියානු ගුවන් සේවයේ Aeroflot විසින් ගුවන් ගමන් අවලංගු කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

මේ අතර රුසියානු Aeroflot ගුවන් යානය පිටවීම වළක්වාලමින් පනවා ඇති වාරණ නියෝගය ඉවත් කරන ලෙස නීතිපතිවරයා අද කොළඹ වාණිජ මහාධිකරණයෙන් ඉල්ලීමක් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *