රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
මොහු කොළඹ – 12 ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
ඔහු ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රාත්‍රී 06.45 ට පැමිණ තිබුණි .
සියලුම නිශ්කාශන කටයුතු නිම කර ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී , කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මොහු අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
එහිදී නවීනතම ජංගම දුරකථන සහ එනසාල් තොගය රෙදි වලින් ආවරණය කර , තම ගමන් මලු තුළ සගවා ගෙන සිටියදී , ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .
කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ පොලිස් සැරයන් 44598 පෙරේරා , පොලිස් කොස්තාපල්වරුන් වන 106093 සමෝද් සහ 93465 ප්‍රසාන්ත යන නිලධාරීන් මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .
මේ වනවිට මෙම ගුවන් මගියා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් පියවර ගෙන තිබේ .