අමෙරිකාවේ සිට එවන ලද රුපියල් මිලියන 66කට අධික වටිනාකමකින් යුත් කොකේන් සහ ගංජා අඩංගු පුද්ගලික ගමන් මල්ලක් ඉවත් කිරීමට පැමිණි පුද්ගලයෙකු සැකකරුට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන රේගු නිලධාරියෙකු සමඟ අද පස්වරුවේ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ගමන් මලුවල තිබී කොකේන් මිලිග්‍රෑම් 500කට අධික ප්‍රමාණයක් සහ ගංජා කිලෝග්‍රෑම් පහකට අධික ප්‍රමාණයක් නිලධාරීන් භාරයට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.