රුපියල් මිලියන 50 ක වෛද්‍ය උපකරණ චීනය ශී‍්‍ර ලංකාවට ප‍්‍රදානය කරයි

කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා ගෙනයන වැඩපිළිවෙලට සහය දැක්වීම සඳහා චීනය රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ආරක්ෂිත සෞඛ්‍ය උපකරණ තොගයක් ශී‍්‍ර ලංකාවට අද (01) ප‍්‍රදානය කළා.

දැඩි සත්කාර ඒකක සඳහා අවශ්‍ය උපකරණ සහ මුඛ ආවරණ 50,000 ක් ඇතුළු වෛද්‍ය උපකරණ තොගය වැඩ බලන චීන තානාපති හූ වෙයි විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි වෙත ප‍්‍රදානය කළ බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *