යාපනය, උඩුතුරෙයි මුහුදු තීරයේදී වීදි වටිනාකමකින් යුත් රුපියල් මිලියන 43කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 130ක් සමඟ පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානය විසින් උඩුතුරෙයි ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ඔවුන් සඳහන් කළේය.
ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී ගෝනි තුනක පුරවා තිබූ පාර්සල් 61ක තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 130 යි ග්‍රෑම් 600 (තෙත් බර) පමණ ප්‍රමාණයක් සොයා ගෙන ඇත.
ඒ අනුව කේරළ ගංජා තොගය, ඩිංගි යාත්‍රාව සහ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගැනුණා.
මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44ක් වන අතර යාපනය උඩුතුරෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු සහ කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව නීතිමය කටයුතු සඳහා මරුතන්කේනි පොලිසිය වෙත භාරදුන් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.