පානදුර අධිකරණයේ භාණ්ඩ ගබඩා කර ඇති ගබඩා කාමරයට කඩා කිලෝ 3කට වැඩි හෙරොයින් පාර්සල් තුනක් සොරකම් කළ මාතලේ ප්‍රදේශයේ වැඩ තහනම් කළ පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ මිතුරෙකු ගම්පොළ කොට්ඨාශ අපරාධ කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
අදාළ පොලිස් කොස්තාපල්වරයා පසුගිය සෙනසුරාදා (19) ඇස්බැස්ටස් සෙවිලි තහඩු ගලවා නිෂ්පාදන ගබඩා කාමරයට ඇතුළු වී ඇති අතර ඔවුන් වහලෙන් ගබඩා කාමරයට බසින විට සිවිලිමේ කොටසක් කඩා වැටී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. කෙසේ වෙතත් කොස්තාපල්වරයා ඇස්බැස්ටස් සෙවිලි තහඩුව එලෙසම සවිකර මත්කුඩු පාර්සල් තුන රැගෙන පලාගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
පසුගිය සඳුදා (21) අධිකරණ කාර්ය මණ්ඩලය රාජකාරි සඳහා පැමිණෙන විට සිවිලිම කඩා වැටී ඇති බව දැක ඇති අතර ඒ පිළිබඳව කාමරය භාර නිලධාරියා බලධාරීන්ට දන්වා ඇතත් සොරකමක් සිදුවී ඇතැයි කිසිවකු විශ්වාස නොකළහ.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඊයේ මත්කුඩු තොගය සොයා ගන්නා තුරුම සොරුන් ගබඩාව බිඳ මත්කුඩු පාර්සල් තුනක් සොරකම් කර ඇති බව අධිකරණ කාර්ය මණ්ඩලය දැන සිටියේ නැත.
මාතලේ ඕවිල්කන්ද ප්‍රදේශයේ අලෙවි නියෝජිතයෙකු ලෙස පෙනී සිටින පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය තොගයක් අලෙවි කිරීම සඳහා ගැණුම්කරුවෙකු සොයන බවට මධ්‍යම පළාත් එස්ඩීඅයිජී ලලිත් පතිනායක මහතාට ලැබුණු තොරතුරකට අනුව ගම්පොල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් මෙම වැටලීම සිදු කර ඇත. විමර්ශන නිලධාරීන් විසින් මුලින්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ඕවිල්කන්ද ප්‍රදේශයේ පදිංචි ලක්මාල් බුලත්වත්ත නමැති 30 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු අලෙවි නියෝජිතයකු ලෙස හැසිරී ඇත. මාතලේ මහනගර සභාවේ ළමා ක්‍රීඩාංගනය අසලදී හෙරොයින් ග්‍රෑම් 20ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී වැඩ තහනමට ලක්වූ කොස්තාපල්වරයා පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව මාතලේ ඕවිල්කන්ද ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී හෙරොයින් කිලෝග්‍රෑම් 3.75ක් සමඟ පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තා. මෙම මත්ද්‍රව්‍ය තොගය සොරාගෙන ඇත්තේ පානදුර අධිකරණයේ අධිකරණ නිෂ්පාදන ගබඩා කර ඇති ගබඩාවෙන් බව අනාවරණය වී තිබේ.
මෙම කොස්තාපල්වරයා සහ ඔහුගේ මිතුරා මෝටර් රථයකින් පානදුර ප්‍රදේශයට ගොස් අධිකරණය පිටුපස තාප්පයෙන් පැන අධිකරණ සංකීර්ණයට ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වුණේ.
මෙම කොස්තාපල්වරයා ආධුනිකත්වය ආරම්භයේ සිටම මොරන්තුඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කර ඇත.
මෙම පොලිස් කොස්තාපල්වරයා අධිකරණ සැරයන්වරයා සමඟ පානදුර අධිකරණයට ගොස් ඇති අතර එම අවස්ථා වලදී ඔහු නිතරම නඩු නිෂ්පාදන කාමරයට රිංගා යාමට උනන්දු වී ඇති බවද අනාවරණය වී තිබේ. පසුව ඔහු මත්ද්‍රව්‍ය භාවිත කරන බවට සැකපිට උසස් පොලිස් නිලධාරීන් ඔහුව මොරන්තුඩුව ස්ථානයේ සිට මීරිගම පොලිස් ස්ථානයට මාරුකර යවා ඇති බවද සඳහන් වේ.පසුව මීරිගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ මුදල් පසුම්බිවලින් මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොහුගේ වැඩ තහනමට ලක්ව ඇත.