නීතිවිරෝධී ලෙස රටින් පිටවීමට උත්සාහ කළ කාන්තාවක් සහ රුපියල් මිලියන 291 ක් වටිනා මැණික් තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පැවසුවේ 30 හැවිරිදි සැකකාර කාන්තාව ඔරුගොඩවත්ත ප්‍රදේශයේ කාන්තාවක් වන අතර ඇය අලුයම 3.13 ට පිටත්ව යන අංක 274 දරන ඉන්දියන් එයාර්ලයින් ගුවන් යානයෙන් චෙන්නායි බලා යාමට ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි.
කිලෝ 02.311ක් බර මෙම හොර බඩු තොගය ඇයගේ ඇඳුමේ සඟවා තිබූ බවත්, ආරක්ෂක නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා රේගුවට භාරදුන් බවත් ඔහු පැවසීය.
රේගු නිලධාරීන් විසින් ඇයගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කෙරුණා.