ඩුබායි සිට පැමිණෙමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු රුපියල් ලක්ෂ 21කට අධික වටිනාකමකින් යුත් නීතිවිරෝධී දුම්වැටි තොගයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී නීතිවිරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කිරීමේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (PNB) නිලධාරීන් විසින් සැකපිට එම මගියා පරීක්‍ෂා කරද්දී ඔහුගේ බෑග්වල තිබී මැන්චෙස්ටර් සහ ගෝල්ඩ් ලීෆ් සන්නාමය සහිත සිගරට් කූරු 21,400 ක් සොයා ගැනීමට හැකි වූ අතර ඒවා ශ්‍රී ලංකාව තුළ විකිණීම හා පරිභෝජනය තහනම් කර ඇත.
සැකකරු නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ඩුබායිහි අවන්හලක සූපවේදියෙකු ලෙස සේවය කරමින් සිට ඇති බව මූලික විමර්ශනවලදී පොලිසියට දැනගන්නට ලැබිණි.
සැකකරු සහ හොර බඩු තොගය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.