රුපියල් බිලියන 10.5ක ඉඩම් ලබන වසරේ ආයෝජකයින් වෙත නිදහස් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මේ වසරේ ආයෝජකයන්ට රුපියල් බිලියන 7.5ක ඉඩම් නිදහස් කර ඇති බවයි. “දිගුකාලීන ගෙවීම් සැලසුම් මත ඉඩම් නිදහස් කිරීමට අපි තීරණය කර ඇත,” ඔහු පැවසීය.
“අපි දැනටමත් කොළඹ විසුම්පාය සහ ජනාධිපති මන්දිරය යාපනය ආයෝජකයන්ට මුදා හැර තිබෙනවා. විසුම්පාය සුඛෝපභෝගී හෝටලයක් බවට පත් කරන අතර යාපනයේ පිහිටි ජනාධිපති මන්දිරය තොරතුරු තාක්ෂණ මණ්ඩපයක් බවට පත් කිරීමට නියමිතයි.
එමෙන්ම ඩොලර්වලට නිවාස විකුණා ශ්‍රී ලංකා රජය ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 6ක් උපයා ඇති බවද අමාත්‍ය රණතුංග මහතා අනාවරණය කළේය. “මෙම නිවාස මිලදී ගෙන ඇත්තේ විදේශගත ශ්‍රී ලාංකිකයන් විසිනි. අපි ඩොලර්වලින් ගෙවල් විකුණන එක දිගටම කරගෙන යනවා” ඇමැතිවරයා කීවේය.