සයිනොෆාම් එන්නත් මාත්‍රා 30 ක් සොරකම් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
සිද්ධිය වාර්තා වන්නේ හබරාදූවෙනි.
සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.
ඒ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනියුක්තව සේවය කරන රියදුරෙකු සහ සුළු සේවකයෙකුට එරෙහිව මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.
මෙම එන්නත් තොගයේ වටිනාකම රුපියල් 90,000 ක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.