චීනය අද අභ්‍යවකාශ මෙහෙයුමේ තවත් අඩියක් පෙරට තබයි

චීනය අද සිය අභ්‍යවකාශ මෙහෙයුමේ තවත් එක් ඉදිරි පියවරක් තබනු ලැබීය.

ඒ, සිය නියමුවන් සහිත යානයක් අභ්‍යවකාශ ගත කරමිනි.

එලෙස අභ්‍යවකාශ ගත කෙරුණේ චීනයේ “ෂෙන්සු ටුවෙල්ව්” අභ්‍යවකාශ යානයයි.

චීන ගගනගාමීන් තිදෙනෙකු මෙම මෙහෙයුමට එක්ව සිටියි.

ඔවුන් එරට අභ්‍යවකාශ මෙහෙයුමේ සක්‍රියව නිරත වී සිටි පළපුරුදු ගගනගාමීන් තිදෙනෙකි.

එම ගගනගාමීන් තිදෙනා මාස 03 ක පමණ කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටීමට නියමිතය.

එම කාලය තුලදී ඔවුන්, චීනය මීට පෙර අභ්‍යවකාශ ගත කෙරුණු සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ඇත.

කෙසේවෙතත්, චීනය පවසන්නේ මෙය සිය අභ්‍යවකාශ මෙහෙයුමේ සාර්ථක පියවරක් බවයි.

අභියෝග පවතින්නේ තවත් ඉදිරියට බව ද චීනය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *