රිය අනතුරුවලින් සිදුවූ මරණ 8ක් ඊයේ දිනයේ වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඉන් 3 දෙනෙකු පදිකයින් වන අතර තවත් තිදෙනෙකු යතුරුපැදිවල ගමන් කළ අයවේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ තවත් දෙදෙනෙක් ත්‍රීරෝද රථවලින් ගමන් කළ අය බවය.
මේ දිනවල සිදුවන මාර්ග අනතුරුවලට ප්‍රධාන හේතු වී ඇත්තේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඒ අනුව කුඩා වාහනවල ගමන් කරන පිරිස් සහ පදිකයින් මාර්ග අනතුරුවල වින්දිතයන් බවට පත්වීමේ ප්‍රවණතාවයක් දක්නට ඇති බවද ඔහු සඳහන් කළේය.