රිය අනතුරුවලින් පුද්ගලයින් 7ක් මිය යයි

ගතවු පැය 24 තුළ  සිදුවු  රිය අනතුරුවලින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබේ.

ඉන් වැඩි සංඛ්‍යාවක් යතුරුපැදි අනතුරුවලින් මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

පසුගිය සතියේ සිට මේ දක්වා දෛනිකව රිය අනතුරුවලින් දස දෙනෙකුට ආසන්න පුද්ගලයින් සංඛ්‍යාවක් මියයාමේ තත්ත්වයක් පෙන්නුම් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

එම සති අන්තය තුළ බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරීව රිය ධාවනය කරන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *