Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

රිය අනතුරකින් ගුවන් හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

මැදවච්චිය ඒ – 9 මාර්ගයේ  කිලෝමීටර 150 කණුව ආසන්නයේ සිදුවු රිය අනතුරකින් ගුවන් හමුදා සෙබළෙකු මියගොස් තිබේ.

අදාළ මාර්ගයේ රඹෑව දෙසට ගමන් ධාවනය කළ යතුරු පැදිය පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදුව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු මැදවච්චිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.

මි‍යගොස් ඇත්තේ 33 හැවිරිදි වව්නියාව ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ සෙබළෙකු වන අතර ඔහු මිහින්තලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසීය පැවසුවේය.

ඔබේ අදහස