රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව වෙත පැවරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව එළඹෙන ජනවාරි මස පළමු වනදා සිට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ වසර 11ක් පුරාවට දකුණු අප්‍රිකානු සමාගමක් විසින් මෙරට රියැදුරු බලපත්‍ර මුද්‍රණය සිදුකළ බවත් නව රජය බලයට පැමිණීමෙන් පසු එම ගිවිසුම අවලංගු කිරීමට තීරණය කළ බවයි. ඒ අනුව මෙතෙක් විදෙස් සමාගමක් වෙත ඇදී ගිය විශාල මුදලක් මෙරට තුල ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙන බවත්, මසකට නව රියදුරු බලපත්‍ර 60,000 – 90,000 අතර ප්‍රමාණයක් නිකුත් කරන බවත් මෝටර් රථ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.