පෙරේදා (23) පෙරවරුවේ හම්බන්තොට මුහුදේ කුඩා රාවණා ප්‍රදීපාගාරය අසළදී එම්.වී. යුරෝසන් නෞකාව ගල් පරයක ගැටී අනතුරට පත්වු අතර, එම අනතුර මගින් රාවණා පරය ආශ්රිත සංවේදී කලාපයට හානි සිදුව ඇත්දැයි පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. ඒ සඳහා නිලධාරීන් 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොමු කර ඇතැයි එහි සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පවසා සිටියි.
සභාපතිවරිය වැඩිදුරටත් පවසා සිටින්නේ නෞකාවේ අනතුරින් රාවණා පරය ආශ්රිත සංවේදී කලාපයට හානි සිදුව ඇත්නම් ඒ වෙනුවෙන් වන්දි ලබාගත හැකි ක්‍රමවේදය පිළිබඳ සලකා බලන බවයි.
මෙම නෞකාව අබුඩාබි සිට ත්‍රීකුණාමලයට සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවකි.