රාජිතගෙන් රනිල්ට චරිත සහතිකයක්

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය භාරගත් හෙයින් අද රට අර්බුදයෙන් මිදී ඇතැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය

බංකොලොත් වීමෙන් පසු කෙටිම කාලයක් තුළ ඉන් මිදුණු එකම රට ශ්‍රී ලංකාව බවද ඔහු සඳහන් කළේය.

වෙන කිසිම නායකයකු මේ අභියෝගය භාර නොගත් බව පැවසූ මන්ත්‍රීවරයා රට බංකොලොත් වීමෙන් ගලවා ගැනීමේ සියලු ගෞරවය රනිල් වික්‍රමසිංහ මහතාට යා යුතු බවද ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *