රාජාංගණයේ සංචරණ සීමා සම්පූර්ණයෙන් ඉවත් කෙරේ

රාජාංගණය ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පනවා තිබූ සංචරණ සීමාවන් අද (31) සිට සම්පූර්ණයෙන් ඉවත් කර ඇති බවත්, ඒ අනුව සංචරණ සීමා පනවා තිබූ ගම්මාන 05 ක සංචරණ සීමා ඉවත් කෙරෙන බවත් රාජාංගණය ප‍්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ, වෛද්‍ය තේජන සෝමතිලක පවසයි.

මේ වනවිට රාජාංගණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ස්වයං නිරෝධායනය ලක් කළ පිරිසෙන් 90% කට ආසන්න පිරිසක් නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් කර ඇති බවද වෛද්‍ය තේජන සෝමතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *