රාජ්‍ය හා පුද්ගලික අංශ වැඩ කටයුතු ඇරඹීම අප්‍රේල් 20න් පසු, ප්‍රවාහනයට බස්රථ 5000ක්, දුම්රිය 400ක්

කොවිඩ් 19 වසංගතය නිසා මෙතෙක් අඩපණව තිබූ රාජ්‍ය හා පුද්ගලික අංශයේ වැඩ කටයුතු මෙම මස 20න් පසු අදියර කිහිපයක් යටතේ නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

ඊට සමගාමීව සේවා ස්ථාන වෙත පැමිණෙන කාර්ය මණ්ඩලවලට අවශ්‍ය පොදු ප්‍රවාහණ සේවා වෙනුවෙන් ලංගම බස් රථ 5000ක් හා දුම්රිය 400ක් පොදු ප්‍රවාහණ සේවා කටයුතු සඳහා යෙදවීමටද ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (17) අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ. එමෙන්ම සියලුම පොදු ප්‍රවාහණ කටයුතු ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ විසින් ලබා දී තිබෙන මාර්ගෝපදේශණ යටතේ ක්‍රියාත්මක කිරීමට වගබලා ගන්නා ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් නිලධාරින්හට උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම කාර්යාල මණ්ඩල ප්‍රවාහනය සඳහා යොදවා තිබෙන කාර්ය මණ්ඩලවලට අවශ්‍ය මුඛ ආවරණ හා විෂබීජානුහරණයට අවශ්‍ය විෂබීජ නාශක ලබා දිය හැකි බවටත් අමාත්‍යවරයා සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *