සියලුම රාජ්‍ය සේවකයින්ගේ මාර්තු මාසයට අදාළ වැටුප ලබන 23 වනදා ලබාදීමට පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතාට උපදෙස් ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව සංස්ථා, මණ්ඩල, දෙපාර්තමේන්තු ඇතුළු සියලුම රජයේ සේවකයින් සඳහා මේ මස වැටුප ලබන 23 වනදා ගෙවිමට අදාල කටයුතු මුදල් අමාත්‍යාංශය විසින් සිදු කිරිමට නියමිතයි.