රාජ්‍ය භාෂා ප්‍රවීණතා විභාග වෙනුවට නිශ්චිත පැය ගණනක පාඨමාලා

මේ වන විට රාජ්‍ය භාෂා ප්‍රවීණතාව සම්පුර්ණ කිරීම සඳහා පවත්වනු ලබන ලිඛිත හා වාචික පරීක්ෂණ වෙනුවට නිශ්චිත පැය ගණනක පාඨමාලා සම්පුර්ණ කර එම අවශ්‍යතාව සපුරා ගැනීමට හැකිවන පරිදි කටයුතු සැලැස්වීමට ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණ ඇත. නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා මේ බව සඳහන් කර සිටී.

මෙම නව විධිවිධාන සකසා ඇත්තේ රාජ්‍ය භාෂා ප්‍රවීණතාව සම්පූර්ණකර ගැනීම සඳහා දැනට පවතින ක්‍රමවේදය වෙනස් කළ යුතු බවට විවිධ පාර්ශව වෙතින් ඉදිරිපත් වු යෝජනා සැලකිල්ලට ගනිමින්. ඒ අනුව ඊට අදාළ යෝජනා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බවද රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කර සිටී.

මේ සදහා අනුමැතිය ලැබුණු පසු තමන්ගේ වැටුප් වර්ධක නතර වු රාජ්‍ය සේවකයින්ට එම වැටුප් වර්ධක ලබා ගැනීමට තිබූ බාධාව එයින් ඉවත්වන බවද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *