රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් තම කැබිනට් මණ්ඩලය ගත් තීරණය නීත්‍යානුකූල බවත් එසේ නම් එම මුදල ගෙවිය යුතු බවත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
සිරිකොතදී පැවැති වැඩසටහනකදී ඔහු මේ බව පැවැසීය. රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට අදාළ මුදල් ගෙවිය හැකි බවද ඔහු පැවැසීය.
රජයේ ආදායම ලබන වසරේදී සියයට 12ක් බවටත් ඉන් අනතුරුව එළැඹෙන වසරේදී සියයට 13ක් කළ යුතුව ඇති බවත් ඔහු පැවැසීය.
එසේම වැඩි කළ වැටුප ගෙවීමට ආණ්ඩුවට මුදල් තිබුණ බවත් එසේ නොවේ නම් එම මුදලට කුමක් වූයේද යන්න පැවැසිය යුතු බවත් ඔහු පැවැසීය.
“පඩි වැඩි කරන්න කියලා හැමතැනින්ම ඉල්ලීම් තිබුණා. ඒක ඇත්ත. 2022 වන විට තමන්ගේ පඩියේ වටිනාකම සියයට 50කින් පහළ බැසලා තිබුණේ. අමාරුවෙන් ජීවත් වුණේ. දේපල විකුණුවා. එදා සහනයක් දෙන්න මට තත්ත්වයක් තිබුණේ නෑ.
මම ඒක රටට කිව්වා. සමහරු 2000ක් ඉල්ලුවා. 2024 වසරේ රු. 10000ක් දෙන්න අපි තීරණය කළා. ඒක අපි දුන්නා. ඒක මදි.”