රාජ්‍ය නාලිකාවක් විකුණනවා – සජිත්

රටේ පවතින මූල්‍ය ගැටලු හමුවේ රාජ්‍ය රූපවාහිනී නාලිකා විකුණා දැමීමට රජය කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.

ඔහු මෙම අදහස් පළ කළේ අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

“රූපවාහිනී අයි නාලිකාව විකුණන්න යනවා. අපිට ආරංචියි බදු දීලා කියලා. මේ රටේ මූල්‍ය ප්‍රශ්නයට විසඳුම් අවශ්‍යයි. අලුත් ආයෝජකයෝ රාජ්‍ය මාධ්‍යයට සම්බන්ධ කරද්දී. යම් කිසි පිළිවෙළක් තියෙන්න ඕනේ. එක්තරා කණ්ඩායමකට අයි නාලිකාව භාර දීලා. දැන් ආවරණ අනුමැතියක් ගන්න යනවා. ඔක්කෝම යන්නේ කණපිට. මේ සියලුම වෙන්දේසි අපේ රජයක් යටතේ නැවත පවරාගන්නවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *