රාජ්‍ය ඇමති බීමතින් අහසට වෙඩිතබයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරයෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවස ඉදිරිපිටදී ඔහුට නිකුත් කර තිබූ පිස්තෝල ගිනිඅවියකින් අහසට වෙඩි තබා තිබේ.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ රාජ්‍ය අමාත්‍යවරයා එලෙස වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලකර ඇති බවය.

අධික ලෙස බීමත්ව මන්ත්‍රී නිවසේ බැල්කනියට ගිනිඅවිය රැගෙන පැමිණ තිබූ ඔහු එයින් වෙඩි ප්‍රහාර තුනක් අහස දෙසට එල්ලකර තිබූ බව එම ආරංචි මාර්ගවලින් පැවසෙයි.

මෙම රාජ්‍ය අමාත්‍යවරයා මීට පෙර අවස්ථා කිහිපයකදී ආන්දෝලනාත්මක සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් සමාජය අතර විවේචනයට පවා ලක්වූවෙක් බවත් සඳහන්ය.

වරෙක සිය ඇමති තනතුරු බලතල භාවිත කරමින්  විවාහක රූප සුන්දරියක් සමඟ බන්ධනාගාරය තුළට ගොස් රැඳවියෙකු දණගැස්වීමේ සිද්ධියක් ද එම දිනවල කතාබහට ලක්විය.

පසුගිය 05 රාත්‍රියේ සිදුවී ඇති මෙම වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් උසස් නිලධාරීන්ව ද දැනුම්වත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *