හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 සිට 2024 දක්වා වසර තුනක කාලයේදී විදේශ සංචාර විසිතුනකට සහභාගිවී ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ විදේශ සංචාර සහ ඔහු වෙනුවෙන් නියෝජිතයන් සහභාගිවු විදේශ සංචාර සඳහා වැයවූ මුදල කෝටි 102 කට වැඩි බවද හෙතෙම ප්‍රකාශ කළේය.
වික්‍රමසිංහ මහතා 2022 වර්ෂයේදී විදේශ සංචාර හතරකටද 2023 වසරේදී 14 කටද 2024 වර්ෂයේදී පහකටද මෙසේ සහභාගි වී ඇති බව ඔහු කීය
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.