රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්…

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදලක් ලබන සතියේ ගෙවීමට නොහැකි වී ඇති අතර, සියලුම විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. මෙය රටේ බැංකු ක්ෂේත්‍රයට තවදුරටත් පීඩනයක් එල්ල කරනු ඇත. මෙම තීරණය රට බංකොලොත් බව රජය විසින් නිවේදනය කිරීමකි.

වොෂින්ටනයට ගොස් පවතින තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමේ වගකීම දැන් නව මුදල් අමාත්‍යවරයා වෙත පැවරී ඇත.

මැයි මැද වන විට ඉන්දියානු ණය රේඛාව අවසන් වනු ඇත. විදේශ විනිමය නොමැතිකම හේතුවෙන් ජුනි මාසය වන විට පෞද්ගලික ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි වනු ඇත. රට බංකොලොත් වීමේ සම්පූර්ණ වගකීම මේ රජය භාරගත යුතුයි.

ඔවුන් දැන් කිසිදු කොන්දේසියකින් තොරව අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ සම්බන්ධ කර ගත යුතුය. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී විපක්ෂය ලෙස අපි ජනතාවගෙන් සමාව අයැද සිටියා අසාර්ථක වීම ගැන. කෙසේ වෙතත් මේ මොහොතේ මැතිවරණ හෝ ව්‍යවස්ථා සංශෝධන මගින් රටේ අර්බුදය විසඳෙන්නේ නැත.

රජය සමඟ සාකච්ඡා කර සැලැස්මක් සකස් කළ පසු කොන්දේසි සකස් කළ හැකියි. සෑම කෙනෙකුටම සමාන ශ්‍රවණයක් ලබා දීම අපගේ වගකීමකි.

ලෙබනනයේ IMF ගිවිසුම ඔවුන්ගේ අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මත රඳා පැවතුනි. මෙය ශ්‍රී ලංකාවේද සිදුවිය යුතුය. අපි ඉන්නේ ඉතාම අසීරු තත්ත්වයක. අපි බංකොලොත් රටක් ලෙස වසර අවසන් කරනවා.

කොහොම වුණත් අපිට මේ අර්බුදය විසඳන්න පුළුවන්. ඒ සඳහා ජාතික ප්‍රයත්නයක් දරනු ඇත. අපට දුෂ්කර කාල පරිච්ඡේදයකට මුහුණ දීමට සිදුවනු ඇත, නමුත් අප එයට මුහුණ දිය යුතුය. මේ අර්බුදය ජයගෙන අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපට පුළුවන්. නමුත් මෙය කළ හැක්කේ අප එක්ව සහ සැලැස්මකට අනුව වැඩ කළහොත් පමණි.

අපි බංකොලොත් ජාතියක් ලෙස මේ වසර අවසන් කරනවා, නමුත් අලුත් ගමනක් නව වසර ආරම්භ කරනවා.

හැමෝම එකතු වුණොත් මේක කරන්න පුළුවන්. ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් සුභ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමි.

රනිල් වික්‍රමසිංහ

හිටපු අගමැති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *