විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (22) පෙරවරුවේ අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් එහි සිර දඩුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බලා තිබේ.
රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා පැවසූවේ කථානායකවරයා විසින් වහාම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙන්විය යුතු බවයි. එමෙන්ම සිරගෙදර තුළ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ජීවිතය බරපතළ අවදානමකට ලක්ව ඇති බවත්, ආණ්ඩුව මේ පිළිබඳව වහාම සිය අවදානය යොමු කළ යුතු බවත් ඒ මහතා පැවසීය.