පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණ වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාට නියෝග කර තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (ඇ) අනුවගන්ති දෙක යටතේ අධිකරණ විනිශ්චකාරවරුන්ගේ කටයුතු වලට මැදිහත් වීම සම්බන්ධයෙන් වන චෝදනා සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා මෙලෙස නියෝග කර ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කලේ.