රන්ජන්ගේ හඬපට විශ්ලේෂණය කිරීමට පොලිස් කණ්ඩායම් දහයක්

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සතුව තිබූ ලක්ෂයකට අධික දුරකතන සංවාද ඇතුළත් හඬපට විශ්ලේෂණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරුන්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක් පත්කර ඇති බවට වාර්තා වේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය හා උපදෙස් මත මෙම විශේෂ පොලිස් කණ්ඩායම් පත්කර ඇති බවටත් පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.

බස්නාහිර පළාත තුළ ඇති පොලිස් ස්ථාන වලින් හා විශේෂ ඒකක වලට අයත් පරීක්ෂණ ශ්‍රේණියේ නිලධාරීන් මේ කණ්ඩායම් සඳහා පත්කර ඇති බවත් එක් කණ්ඩායමකට සහකාර පොලිස් අධිකාරීවරයකු , ස්ථානාධිපතිවරයකු ඇතුලු සිව් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර ඇති බව එම උසස් පොලිස් නිලධාරියා පැවසීය.

රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති මෙම හඬපට වල පිටපත් පොලිසිය වෙත ලැබුණු පසු ඒවා මෙම විශේෂ පොලිස් කණ්ඩායම වෙන් වෙන් වශයෙන් විශ්ලේෂණය කරන බවද එම උසස් නිලධාරියා කියා සිටියේය.

මේ සඳහා පරිගණක ඇතුලු යටිතල පහසුකම් ලබා දී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය මේ සඳහා ලබා ගන්නා බවද පොලිසිය කියයි.

මෙම හඬපට විශ්ලේෂණය කර රන්ජන් රාමනායක මහතා අධිකරණයට , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, හා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ පරීක්ෂණවලට සිදුකර ඇති බලපෑම් සම්බන්ධයෙන් අපරාධ නඩු විවිධාන සංග්‍රයට අනුකූලව වෙන් වෙන් වශයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඔහුට එරෙහිව නඩු පැවරීමට ක්‍රියා කරන බවද වැඩිදුරටත් වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *