රන්ජන්ගේ පෙත්සමක් ප්‍රතික්ෂේප වෙයි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී, මේ වනවිට සිරදඬුවම් නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අදාළ නඩු තීන්දුව ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා සිය නීතිඥවරයකු මාර්ගයෙන් විශේෂ අභියාචනාවසර පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ඊයේ (01) දිනයේදී නීතිඥ දිනේෂ් විදානපතිරණ විසින් එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කර ඇත.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර ඇත්තේ අදාළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛනගත කිරීම සඳහා නීති ප්‍රතිපාදන නොමැති බැවින්, එය ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *