රථවාහන වැරදි සම්බන්ධයෙන් විදේශිකයෙකුට දඩ

ශ්‍රී ලංකාවේ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව, යතුරුපැදි ආදායම් බලපත්‍රයක් නොමැතිව සහ හිස්වැස්මක් නොමැතිව යතුරුපැදියක් පැදවීම සම්බන්ධයෙන් වරදකරු වූ සංචාරකයෙකු වන ඩබ්ලිව් ඩූරෝ යුවන් එඩ්වඩ්ට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණී විදානගමගේ විසින් රුපියල් 35,000 ක දඩයක් නියම කළාය.

මෙම සංචාරකයා ගාල්ල කොටුව ප්‍රදේශයේදී යතුරුපැදිය ධාවනය කරමින් සිටියදී ගාල්ල කොටුව සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව ඔහු ඉදිරි කටයුතු සඳහා ගාල්ල පොලිසියේ රථ වාහන අංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයෙකුට යතුරුපැදිය පැදවීමට අවසර දීම හේතුවෙන් එම සංචාරකයාට යතුරුපැදිය කුලියට දුන් ජයකොඩි කංකානම්ගේ දේවිකා යසාරා නමැති කාන්තාවට රුපියල් 25,000ක දඩයක් නියම කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *