කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පුහුරිය හන්දියේදී වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක ගැටීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොල්ගහවෙල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන මියගිය පුද්ගලයා සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මාර්ගය අයිනේ වාහන පරීක්ෂා කරමින් සිටියදී කන්තලේ සිට කඩුවෙල දෙසට ධාවනය වූ ටිපර් රථය පොලිස් කොස්තාපල්වරයාගේ ගැටී ඇති බව ඔවුහු පැවසූහ.
බරපතළ තුවාල ලැබූ ඔහු කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.