Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

රත්මලාන ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

රත්මලාන ගුවන්තොටුපළ මේ මස 29 වැනිදා සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත බව ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ගුවන් තොටුපළ වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට දැනටමත් ගුවන් සමාගම් දෙකක් කැමැත්ත පළ කර ඇති බවයි.

දකුණු ඉන්දියාව සහ මාලදිවයින වැනි ගමනාන්ත වෙත ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත බව ඔහු පැවසීය.

රත්මලාන ගුවන් තොටුපළ වෙත මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා තවත් ජාත්‍යන්තර ගුවන් සමාගම් කිහිපයක් සමඟ ද සාකච්ඡා කරමින් පවතින බව රජය අනාවරණය කරයි.

ඔබේ අදහස