රත්මලානේදී 43 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ගල්කිස්ස – රත්මලාන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දෙදෙනකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් එක් අයකු අනෙකාට තියුණු ආයුධයකින් පහරදී ඇති බව පොලිසිය පවසයි.

තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පුද්ගලයෙකි.

මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මෙම මරණය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහු සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව වාර්තා වේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *