වැඩිම වියදම් දරන අමාත්‍යාංශ දහයේ (10) වියදම් විශ්ලේෂණය කිරීමට රජය තීරණයක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති මාධ්‍ය අංශයට (PMD) අනුව, මේ සම්බන්ධයෙන් වන වාර්තා භාෂා තුනෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පැවසීය.
ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තම රජයේ වැඩකටයුතුවල කොටසක් ලෙස මෙම පියවර ගෙන ඇති බවයි ජනාධිපති වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියේ.
ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම සහ නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයේ සැලකිය යුතු අඩුපාඩුවක් වැනි විශාල රික්තයක් ශ්‍රී ලංකාවේ ක්‍රමය තුළ පවතින බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
“අපට ස්ථාවර ප්‍රතිපත්ති තිබිය යුතුයි. පාර්ලිමේන්තුව ජාතික ප්‍රතිපත්ති පිළිබඳ වාර්තාවක් ලබාදුන් කමිටුවක් පත් කර තිබෙනවා. මේ ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ බලය බෙදීම සිදුවිය හැකියි,” ඔහු වැඩිදුරටත් පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති ජාතික ඇගැයීම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුව එළිදැක්වීමේ උත්සවය අමතමිනි.