රජය ප්‍රවාහන පද්ධතිය සංවර්ධනය නොකිරීම නිසා වාර්ෂිකව රුපියල් බිලියන 500ක් අහිමි වේ: ගැමුණු

මෙරට දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය සංවර්ධනය නොවීම හේතුවෙන් රජයට වසරකට රුපියල් බිලියන 500ක පාඩුවක් සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ත්‍රිරෝද රථ, පොදු සහ රජයේ ප්‍රවාහන ක්ෂේත්‍ර සැලකිල්ලට ගනිමින් තමන් විසින් සිදුකළ සමීක්ෂණයකින් අනතුරුව මෙම අලාභය අනාවරණය වූ බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව ග‍්‍රාමීය ප‍්‍රදේශ කිහිපයක් ඇතුළු ප‍්‍රධාන ප‍්‍රවාහන මාර්ගවල පොදු ප‍්‍රවාහන බස් රථයක් පැයකට ගමන් කරන අතර, අවම වශයෙන් ත්‍රිරෝද රථ 40ක් එක් දිශාවකට ගමන් කරන බව සමීක්ෂණයෙන් හෙළි වූ බව විජේරත්න මහතා පැවසීය.

රටේ පවතින පොදු ප්‍රවාහන පද්ධතියේ දුර්වල තත්ත්වය මෙයින් පෙන්නුම් කරන බවත්, දුර්වල ප්‍රවාහන පද්ධතිය හේතුවෙන් ත්‍රිරෝද රථ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් ඔහු පැවසීය.

රට තුළ ත්‍රිරෝද රථ දස ලක්ෂයක් සහ බස්රථ 13,500ක් ක්‍රියාත්මක වේ.

යතුරුපැදි සහ අනෙකුත් ප්‍රවාහන ක්‍රම ප්‍රධාන සාධක ලෙස මෙම සමීක්ෂණය සැලකිල්ලට නොගත් බව ඔහු පැවසීය.

එබැවින් දේශීය ප්‍රවාහන පද්ධතිය කඩිනමින් සංවර්ධනය කළ යුතු බව විජේරත්න වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *