’’රජයේ වැරැදි පෙන්නන අයට මරණ තර්ජන එල්ල වෙලා’’ – විපක්ෂ නායක

රජයේ වැරදි පෙන්වා දෙන අයට දැන් මරණ තර්ජන එල්ල වෙන්න පටන් අරන් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

රට පුරා වෙඩි තැබීම්, නාදුනන තුවක්කුකරුවන්ගේ ඝාතන සංස්කෘතිය අදටත් ව්‍යාප්ත වෙමින් පවතින බව කී විපක්ෂ නායකවරයා මේ තත්ත්වය නිසා සිවිල් පුරවැසියන්ගේ ජන ජීවිත අනාථ වී ඇති බව සඳහන් කළේය.

මේ තත්ත්වය තුළ සිවිල් පුරවැසියන්ට මෙන්ම  මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින අයට, සමාජ මාධ්‍ය ක්‍රියාකාරින්ට දැඩි අනාරක්ෂිතභාවයක් මතුව තිබෙන බව විපක්ෂ නායකවරයා කීය.

වත්මන් රජය පසුගිය මැතිවරණ වේදිකාවේ මේස පුටු අරන් ආවොත් ජාතික ආරක්ෂාව ගැන උපකාරක පන්ති පවත්වන් නම් කියූ නමුත් ඔවුන්  රටේ වගකීම බාර ගත් මොහොතේ  මිනිමරු සංස්කෘතිය නගරයෙන් නගරයට ව්‍යාප්ත වී ඇති බව කීය.
විපක්ෂ නායකවරයා මේ බව පැවසූයේ කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *