රජයේ බදු ප්‍රතිපත්තිය විරෝධය පාමින් වෘත්තීය සමිති බදාදා මහා පරිමාණ විරෝධතාවයකට සැරසෙයි.

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව මහා පරිමාණ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් පෙබරවාරි 08 බදාදා කොළඹදී පැවැත්වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අසල සහ අනෙකුත් ප්‍රධාන ප්‍රදේශ අසල විරෝධතාවයේ අත් පත්‍රිකා බෙදාහරින ලදී.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ බදු ප්‍රතිපත්තිවල අසාධාරණය සහ ඉන් ජනතාවට සිදුවන බලපෑම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා මෙම පත්‍රිකා බෙදාහරින බවයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස වෘත්තීය සමිති ජනාධිපතිවරයාගෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව සඳහන් කළ වෛද්‍ය හරිත්ගේ කියා සිටියේ බලධාරීන් මෙතෙක් ඊට ප්‍රතිචාර දක්වා නොමැති බවයි.

“වර්ජන ක්‍රියාමාර්ගයට සහභාගී වීමට වෘත්තීය සමිති 40 කට ආසන්න සංඛ්‍යාවක් කැමැත්ත පළ කර ඇති අතර, මේවාට රාජ්‍ය පමණක් නොව අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති ද ඇතුළත් ය,” ඔහු පැවසීය.

සම්පූර්ණ වීඩියෝව: https://www.facebook.com/watch/?v=523175109927810&t=0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *