රජයට එරෙහිව ජනතාවගෙන් නැගී එන විරෝධතා වැලැක්වීම සඳහා මාධ්‍ය සහ සමාජ මාධ්‍ය නියාමනය කිරීමට නීති ගෙන ඒමට රජය සැලසුම් කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය.
මාධ්‍ය නියාමනය කිරීමට රජය විවිධ නීති හඳුන්වා දී ඇත්තේ එහි ක්‍රියා කලාපයට ජනතාව විරුද්ධ බව හොඳින්ම දන්නා නිසා බවත් දකුණු කොරියාවේ ශ්‍රී ලාංකිකයින් පිරිසක් හමුවූ අවස්ථාවේදී ඔහු පැවසීය.
“මාධ්‍ය මගින් ජනතාවට තොරතුරු ප්‍රචාරය කරනවා. රජය බලාපොරොත්තු වන පරිදි කටයුතු කරනවා නම්, මහජන දේපළ වංචා නොකර මංකොල්ල කනවා නම් රජය ජනතාවට සහ මාධ්‍යයට බිය විය යුතු නැහැ. ඒ බව ජනාධිපතිතුමා ඇතුළු රජය හොඳින්ම දන්නවා. ජනතාව ඔවුන්ට විරුද්ධයි.ජනාධිපතිතුමා ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ කෙනෙක්.ඉතින් එතුමා දන්නවා ජනතාව ඔහුට විරුද්ධ බව.ජනතාවගෙන් එල්ලවිය හැකි විරෝධතාවලට ඔහු බයයි.ආණ්ඩුවේ ක්‍රියාකලාපය ජනතාව ඉවසනවානම් අනුමත කරනවානම් ඔවුන් බය නැහැ,” ඔහු පැවසීය.
මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මේ වන විට කැපී පෙනෙන ලෙස වෙනස් වී ඇති බව පැවසූ හදුන්නෙත්ති, පසුගිය රජයන් විද්‍යුත් මාධ්‍ය තම අණසකට නතු කරගෙන සිටි බවද සඳහන් කළේය.
ආණ්ඩුව මාධ්‍ය මර්දනය කිරීමට උත්සාහ කරන්නේ නම් එය ජනතා මර්ධනයට ආණ්ඩුව පත්වන පළමු අවස්ථාව මෙය බවද ඔහු පැවසීය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක රැයකින් ෆේස්බුක් සහ වට්ස්ඇප් තහනම් කළ මාධ්‍ය නියාමනය කිරීමට උත්සාහ කළ බවත් ජනතාව එය පිළිනොගත් බවත් හදුන්නෙත්ති මහතා පැවසීය.
“ජනතාව ඒක පිළිගත්තා නම් තාමත් බලයේ ඉන්නවා. එතුමාට තනතුරෙන් යන්න වුණේ මේ වගේ ක්‍රියාවල යෙදුණු නිසා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාත් පස්ස බලලා කල්පනා කළා නම් මේ වගේ දේවල් කරන්නේ නැහැ,” ඔහු පැවසීය.